financeWasare CEO
රු1,500.00
සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ… 🔥✨️
මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉදලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකිරීම් තියෙනවා. ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ!- අපිට ලැබුණු දේවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල්වලට වඩා නොවිඳපු දේවල් වැඩියි. ගමනේ අතරමැද ‘කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දේවල් විඳින්න බැරි වෙනවා.
- ලැබුණෙ නැති ගොඩක් දේවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉණිමගේ කෙලවරටම බඩගාන්න.
- ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි.හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි.
- ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. 🔥❤️
- මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.
Availability:
1 in stock